Blue Lagoon











බ්ලූ ලැගූන් - කිව්ව ගමන් මතක් වෙන්නේ බෲක් ෂීල්ඩ්ස්. කොල්ලගේ නම තියා රූපෙවත් මතක නෑ. එත් බෲක් ෂ්ල්ඩ්ස් අදටත් ළොව ජනප්‍රිය චරිතයක්. මේකේ අනිත් පැත්ත ටයිටැනික් චිත්‍රපටය. ඒකේ උනෙ ලිනාඩෝ ඩි කැප්‍රියෝ ජනප්‍රිය වීම. බෲක් ෂීල්ඩ්ස් ඉපදුනේ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් වල. හොඳ වර්ෂයක ඒ කියන්නේ 1965. හිතාගන්න පුළුවන්නේ ඇයි කියලා. එයා නිරූපිකාවෙක් වෙන්නේ මාස 11 දී. ඒ වගේම ළෝකප්‍රසිද්ධ වෝග් සඟරාවේ කවර සරසපු අඩුම වයස්කාරී. ඒ අවුරුදු 14 දී.

එයාගේ මුල්ම චිත්‍රපටිය "ප්‍රිටි බෙබී." (මෙහි පින්තූර මගේ ළඟ තිබුනත් ඒවා නම් දාන්න බෑ.) ඒකේ රඟපාන කොට වයස අවුරුදු 11. නිරුවත් දර්ශන ගොඩයි. ච්ත්‍රපටිය හදපු අයට බාල අපරාද චෝදනාත් එල්ල උනා. කොන්ග්‍රසය දක්වා ප්‍රශ්නය ඇදිලා ගියා. ඒ කෙසේ වෙතත් ඒ අන්දෝලනෙත් එක්කම බ්ලූ ලැගූන් චිත්‍රපටය එනවා. ඒකේ තිබුන ලිංගික දර්ශන වල ඉන්නේ වෙන කෙනෙක් කියලා පස්සේ කාළේදි එලිඋනා. බ්ලූ ලැගූන් බලන්න අපේ කට්ටිය මරාගත්තා. පුදුම ලස්සන චිත්‍රපටියක්. මේ නිසා බෲක් ෂීල්ඩ්ස්ගේ වටිනාකම වැඩිඋනා. 

ටෙනිස් ක්‍රීඩක, අන්ද්‍රේ අගාසි සමග විවාහ උන බෲක්, ඉන්පස්සේ දික්කසාද වෙනවා. අන්දේ සුප්‍රසිද්ද ටෙනිස් ක්‍රීඩීකා ස්ටෙෆී ග්‍රාෆ් හා විවාහ වෙනවා. බෲක් ෂීල්ඩ්සුත් නැවත විවාහ වෙනවා. ලස්සනම ලස්සන පැටව් දෙන්නෙකුත් ඉන්නවා. පොතකුත් ලිව්වා. එයාම ලිව්වද කියන්න නම් දන්නේ නෑ. නමුත් ඒකෙනුත් ප්‍රකෝටී ගානක් ඉපයූවා. මයිකල් ජැක්සන් එක්කත් පොඩි හුටපටයක් තිබුනා කාළයක්. කොහොම හරි ව්යස මාස 11 දී නිරූපිකාවක් ලෙස තොරාගත් පුද්ගලයා කියපු අනාවැකියනම් හරියටම හරි ගියා. මොකක්ද දන්නවද එයා කිව්වේ. "මේ පැටියා සල්ලි උල්පතක්."

තව එකම එක දෙයක් කියන්න තියෙනවා කෙල්ලො තරහ උනත් නැතත්. අපේ කෙල්ලො ලස්සනට තියෙන ඇහි බැම් ගාලා පැන්සල් වලින් ඇඳගෙන යනවා. බලන්න ඇහි බැමක වටිනාකම.

Comments

  1. නිලිය කවුද කියල මතක නැති උනාට බ්ලූ ලැගූන් කියන්නෙ මම ගොඩාක් ආසාවෙන් බලපු චිත්‍රපටියක්. මුලමකාලෙ අතමාරුවට බැලුවට පස්සෙ කීපවතාවක්ම රසවීඳීම වෙනුවෙන්ම බැලුව චිත්‍රපටියක්

    ReplyDelete
  2. මේ කියන ළමය එක්ක මාතලන් අයි‍යගෙත් තිබුන නේද මොකක් හරි යටි උගුල් සම්බන්දයක්... මාර විස්තර තොගයක්නෙ දන්නෙ.. ඒ කාලෙ හොයාගත්තත් ඒව මතක තියන් ඉන්නව කියන්නෙ. ;)

    ෆිල්ම් එක නම් හොයාගෙන බලන්න ඕන... කියන විදිහට සෑහෙන හොඳ ඇති නොවැ..

    @ඕනෙ අයිය: අතමාරුවට බලනව කියන්නෙ මොකක්ද බන් අයියෙ?.. උඹත් හොයාගන්නෙ මාර වචන..

    ReplyDelete
  3. බ්ලූ ලැගූන් කීපාරක් බලලා තියෙනවද මන්දා ඒ තරම් කැමති එකක්. දෙවෙනි කොටසක් ආවත් ඒක නම් වැඩක් නැහැ.

    ReplyDelete
  4. මම ළඟ ඔය චිත්‍රපටි දෙකම තියනවා ඕනකෙනෙකුට දෙන්න පුලුවන්

    ReplyDelete
  5. @ ඕනයා - ඕක මචං වයසේ ප්‍රශ්නයක්. ඒකයි මම මේක ඇඩම්ස් ඕන්ලී කොලේ

    ReplyDelete
  6. @ සාතන් - අපොයි මේ ඉතින් යට ලීයෙන වැඩිය අය නොවැ. අපි වගේ නෙමෙයි ඕනයා හරි වල්.

    ReplyDelete
  7. @ ම - මේළෝ රහක් නෑ.

    ReplyDelete
  8. @ ලොකු ජෝන් - තෑන්ක්ස් මේ ඉන්නේ සහයට ඩැනිලා..

    ReplyDelete
  9. ෆිල්ම් ගැන යනවා වැඩි වගේ ටිකක්..;)
    එල එල..දිගටම කරගෙන යමුකෝ...ජය වේවා!!!

    ReplyDelete
  10. මාත් ආසාවෙන් බලපු චිත්‍රපටියක් බ්ලු ලැගුන් කියන්නේ මට ඕක බලද්දි ප්‍රශ්න කීපයක් ඇතිවුනා මේ සහෝදර සහෝදරියොද කියන එක...ඒ වගේම පොඩි එවුන් නිරුවත් කරලා කරන්නේ පිස්සු වැඩක්ද කියලත් නොසිතුනා නොවේ මේක බැලුවේ මම 11 වසරෙදි....

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කෝ පූසෙක්...? - Where is the Pussy

කෝ බලන්න.. කෝ බලන්න - Plaease let me see

බෙලි ඩාන්ස් - Belly Dance