Merry Christmas ... !!!

මම උපතින් බෞද්ධ පොරක්. ඒ උනත් අපේ අම්මයි තාත්තයි ආගම කරේ තියන් ගියේ නෑ. අම්ම නම් දැන් වයස නිසා දහමට බරයි. තාත්තා තාමත් කළාවට තමයි ආදරේ. මොන හේතුවක් නිසාද කියන්න දන්නේ නෑ. පොඩි කාළේවත් සුරංගනා කතා මම විශ්වාස කළේ නෑ. ඒ වගේම පොඩි කාළේ ඉඳන් සුද්දන්ට හරිම කැමතියි. ඒ කියන්නේ බටහිරට කැමතියි. ඒ ජීවන රටාවට, කෑම බීම, ඇඳුම් පැලදුම් හැමදේටම. ඒ වගේම තමයි නත්තලටත්. නත්තල් සීයා. නත්තල් ගහ, ක්‍රිස්මස් කේක්, ඉංග්‍රීසී චැනල් වල යන නත්තල් ගීත මට ගෙනදෙන්නේ පුදුම වින්දනයක්. ඔය ගොඩක් ඉංග්‍රීසී නත්තල් ගීත මට පොඩි කාළේම, හොඳට පාඩම්. ඒ වගේම තයි ජල නන්දන පිරිතත්. 


ඔය ඔක්කෝටම වඩා මම කැමති ගව ලෙනට. එක එක ගෙවල් වල තියෙන ගව ලෙන් බලන්න මම ඒ කාලේ නොදන්න ගෙවල් වලට හිටන් යනවා. පොඩි එකෙක් නිසා එයාලා මාව ගන්න ඇති. පස්සේ මමත් ගව ලෙනක් හැදුවා අපේ ගෙදර. අවුලක් නෑ ගෙදරිනුත්. කොල්ලා කාලේ නත්තල ජීවිතයට තවත් ලං උනා. ඒ කෙල්ලො නිසා. ලස්සන කෙල්ලො ඔක්කෝම වගේ, පල්ලි යන අය. ඉරිදා හැන්දෑවට පල්ලිය ගාව ගෙදරකට කට්ටියම සෙට් වෙනවා. බඩුවක් දා ගන්න. උත්සාහය සාර්ක උනා. ඒකෙන් තවත් නත්තලට කැමති උනා. තව කතාව දිගයි අදට මේ ඇති...


ඔබ සැමට සුභ නත්තලක් වේවා ... !!!











Comments

  1. මමත් උපතින් බෞද්ධ විතරක් නෙමේ මේ වෙනකොට මම බෞද්ධාගම ගැන බොහෝ දේ ඉගෙනගෙනත් තිබෙනවා. මම 1-12 පාසැල් ගියේ ක්‍රිස්තියානි පාසැල් වලට. මම නම් හිතන්නේ මට ලැබුනු වරප්‍රසාධයක් ඒක. ලෝකය දිහා වඩා විවෘතව බලන්න මම පුරුදු වුනේ සහෝදරතුමන්ලාගේ ඇසුර නිසා. බෞද්ධ ආගම මට සමීප වුනේ ආයූර්වේද අධ්‍යාපනය නිසා. තව මට ඉන්නවා ඉතාම හොඳ මිතුරෙක් ඔහුගේ බිරිද ජපන් කාන්තාවක්. මේ නිසා මහායාන බෞද්ධාගමත් මට සමීපයි. මම ලෝකය දිහා බලන්නේ 100% හරි කෙනෙක් කොහේවත් නැත කියන අර්ථයෙන්. විහිළුවක් කරන්න සැහැල්ලුවෙන් ජීවත් වෙන්න මට තියන්නේ පුදුම ආසාවක්. මාතලන්ට මම කැමතිත් ඒකයි. සමහර විට අපි දෙන්නා දෙපැත්තෙත් ඉන්න අවස්ථා එනවා නේද? ඒත් ඒවා සාමාන්‍ය දේවල් විදියට හිතන, මිනිස්සු කියන්නේ මේදියත ඇති සුන්දරම වස්තුව කියන එක මගේ මතය. ඒ සුන්දරකම මනින මේ වගේ බ්ලොග් එකකට මම කැමති ඒකයි.
    ඔබ සැමට සුභ නත්තලක් වේවා!!!

    ReplyDelete
  2. @ වෙද මහත්තයා - මේ දවස්වල සෑහෙන ප්‍රශ්න ගොඩක් තිබුනත් මමත් කැමති සැහැල්ලුවෙන් ජීවත් වෙන්න. මම රඟපාන්න කැමති නෑ. මම ආස මම විදියට ජීවත් වෙනෙ ගමන් අනික් කෙනා ඒයා කැමති විදියට ජීවත් වෙනවට. නමුත් රටට ගමට බලපාන පොදු දේවල්වලදි මගේ මතය මම කියනවා. මම හිතන්නේ එතනදි අපි දෙන්නම එකයි. ඒකයි මේ හිතවත්කම. තැන්කූ වේවා..

    ReplyDelete
  3. එල එල....නත්තල මහා ඉහළින සමරන්නේ නැතුවට සුභ පතන්න කාගෙන්වත් තහනමක් නෑනේ..
    :)
    ජය වේවා..

    ReplyDelete
  4. @ ගිනි කුරුල්ලා - දැන් හොඳයිනේ..

    ReplyDelete
  5. සෑමා උපතින් බෞද්ධ, පල්ලි ගාවට ගියේ නැහැ එකක් දා ගන්න. ඒත් සෙට් වුණා කියපං කෝ. දැන් අපිට පෝය දහතුනක් තියෙනවා. නත්තල් එක්ක..
    (තාම බැන්දෙ නැහැ - බැන්දට පස්සේ හොදේ..)

    උබේ ගල් කතාව කියවද්දි උඩින් දැක්කා පින්තූරේ ක්ලික් කරන්න කියලා. එතකොට මේක මතුවුනා බං. මට ගල් කතාව කියවන්නත් බැරි වුනා.. :) ජය ශ්‍රී..

    ReplyDelete
  6. @ සැමා - මේකේ තියෙන ගල් දැක්කම එහෙම වෙනවා..

    ReplyDelete
  7. චීයා.. පොඩි සෑමා නරක් වෙනවාය...

    ReplyDelete
  8. දැන් එල...ඔහොම යමුකෝ..
    මගේ අදහස තිබුනේ නම් ඔයිටත් වැඩිය ටිකක් ගැඹුරු විචාරාත්මක දෙයක්..එත් ඉතින් ඔබේ බ්ලොගයේ අයිතිය ඔබ සතුයි..:)
    ජය වේවා!!!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කෝ පූසෙක්...? - Where is the Pussy

කෝ බලන්න.. කෝ බලන්න - Plaease let me see

බෙලි ඩාන්ස් - Belly Dance